HYMN #B313
සදාකාල ප්‍රේමයෙන්ම, බොහෝ ඉක්මනින්
Sadhaakaala Preamayenma Bohoe Ikmanin
සදාකාල ප්‍රේමයෙන්ම
හිමි පෙම් කළා මට
බෝ පූර්ණ සමාදානයෙන්
රක්ෂා කරයි මා සිත
ඇලුම්වෙම් හිමි හටම
අත්හැර ලෝ සැපත
යමි හිමි අනුවම
තේජස්! තේජස්! රටට
බොහෝ ඉක්මනින් නිවසේ
මාගේ දිවි අන්තයේ
පෙමැත්තන් එහි හමුවේ
ප්‍රීති ප්‍රීති ඒ උදේ
පීඩාවල් බොහෝ ඇත් මාර්ගේ
සෝදිසි පරික්ෂාවේ
යේසු තුම් තුළ සුරැකේ
ආත්මේ මෙමා සැනසේ
බියකරු මේ වචනේ
හිමි මඟ පෙන්වා දේ
ගෙනයයි රළු මුහුදේ
බිය නොවෙම් කිසි සේ
සදාකාල පර්වතය
පීඩා දේසේ සෙවන
දුකේදී මා සැනසීම
වේය ක්‍රිස්තු තුම් මට
මා ආත්මේ නැංගුරම වේ
ප්‍රීතිවෙම් හාලේලූයියා!
මහිමේ ඒ නිවාඩු වේ
දකිම්! දකිම්! පෙම්තුමා
දිවි මේ ලෙසේ ගෙවී යේ
රන්වන් උදේ එයි සැනේ
හමුවේ කිතුන් මහිමේ
දිවුම් මෙමා නිමවේ
ජීවනේ කිරුල දිනා
දකිම් රුවැත් මුහුණා
නගම් අලුත් ගීය එදා
ජයලත්තන් සමඟා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →