← Back to all songs
HYMN

සෑම උදෑසනක ඔබගේ කරුණා ගුණය

Saama Udhaasanaka Obagea Karunaa Gunaya

සෑම උදෑසනක ඔබගේ කරුණා ගුණය

සෑම රාත්‍රියක ඔබගේ විශ්වාසකම

සිහි කරමි, සිහි කරමි

සිහි කරමි, මහිමය පුදමි

පසුකල සැම මොහොතක්, සමිඳුන් සිටියා මතකයි

පාද මගේ පැකිලෙන්නට නොදෙමින්

මා රැකගත් සැටි මතකයි

සිහි කරමි, සිහි කරමි

සිහි කරමි, මහිමය පුදමි

දිවි බර වෙහෙස මගේ, ඉසුළුවෙ සමිඳුන් පමණයි

මෘදු වදනින් අමතා මා හදවත

සුවපත් කල සැටි මතකයි

සිහි කරමි, සිහි කරමි

සිහි කරමි, මහිමය පුදමි

සෑම උදෑසනක ඔබගේ කරුණා ගුණය...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →