← Back to all songs
HYMN #B047

අසව් දූත ගී නද

Asav Dhootha Gee Nadha Hark The Herald Angels Sing

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

අසව් දූත ගී නද

රජුට උපන් අද

පොළොවේ සමාදානෙත්

සතට වේ දයාවත්

සෑම ජාතින් නැගිටිව්

දූතයන් හා ගී කියව්

බෙත්ලෙහෙම් පුරවරේ

ක්‍රිස්තුස් උපන් මේ වරේ

අසව් දූත ගී නද

රජුට උපන් අද

උසස් තැන්හි වැඳුම් ලත්

සදාකල් හිමි තෙදැත්

ක්‍රිස්තුස් තුම එයි බලව්

කන්‍යා ලද පුත් මෙලෙව්

වසා දේය ලීලාව

සැබැවින් මිනිසෙක්ව

මිනිසුන් හා වසන්ට

එම්මානුවෙල් වී තුට

අසව් දූත ගී නද

රජුට උපන් අද

සමාදානේ කුමරු

දමිටුකමේ හිරු

සියල්ලන්ට මිදීමත්

ගෙනා සේක එළියත්

තේජස හැර දමා

මිනිසුන්ට වී පෙමා

සදාකාල ජීවනේ

දෙන්ට ලොව උපන්නේ

අසව් දූත ගී නද

රජුට උපන් අද

අසව් දූත ගී නද - සී ඩබ්ලිව් ද සිල්වා ඉංග්‍රීසි ගීතිකාව සිංහළට පරිවර්ථන කරන ලදි.

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →