← Back to all songs
HYMN

රූරා ඇද හැලෙනා ලේ ගංගා කුරුසියේ කල්වාරියේ

Rooraa Adha Halenaa Lea Gangaa Kurusiyea Kalvaariyea

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

රූරා ඇද හැලෙනා ලේ ගංගා

කුරුසියේ කල්වාරියේ

මිනිස් පරපුරක් ගලවන්නට පිදු

ලේ ගංගාවයි ඒ

මෙතරම් මිනිසට ප්‍රේම කලා ඔබ

කුරුසියේ දිවි පිදුවේ

ලොව මැවු දින සිට ලියැවුනු මිහිරිම

ප්‍රේම කතාවයි ඒ

ඇඟිලි තුඩට ගත් පස් පිඩ වෙමි මම

ඔබ සුරතේ රැඳිනූ

මා තුල ඇති ගල් කැට ඉවතට ගෙන

මාව සකස් කරනූ

භාර වෙමී මම ඔබෙ හස්තය මත

පස් පිඩ මෙන් නොරළු

ඔබ තුටු ලෙසකට මාව අඹනු මගේ

පෙම්බර කුඹල්කරූ

රූරා ඇදහැලෙනා......

සරු තණ බිමකට මා ගෙන යනු මගෙ

මිහිරි එඬේරාණෝ

මා එහි ගෙන ගොස් රැකගනු මැන මගෙ

සුරැකි එඬේරාණෝ

ඔබෙ හඬ හඳුනමි පසු පස දුව එමි

මහිමේ එඬේරාණෝ

මා අත් නොහරින බව දනිමි මගේ

බැටළු එඬේරාණෝ

රූරා ඇදහැලෙනා......

ලොව මැවු දින සිට ලියැවුනු මිහිරිම

ප්‍රේම කතාවයි ඒ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →