← Back to all songs
HYMN

රිදී කාසි තිහකට ඔහු පාවා දුන්නේ

Ridhee Kaasi Thihakata Ohu Paavaa Dhunnea

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

රිදී කාසි තිහකට - ඔහු පාවා දුන්නේ

යේසුනී මගේ.. යේසුනී මගේ

කුරුසියට ගියේ - මා නිසා අනේ

රුදුරු දනන් ඔහුට ඇවිත් - පීඩා කෙරුවා

ඒ හිංසා පීඩා වලින් - මා සුව ලැබුවා

යේසුනී මගේ.. යේසුනී මගේ

කුරුසියට ගියේ - මා නිසා අනේ

කුරුසේ එදා හෙළුවා - ඒ ශ්‍රී රුධිරේ

ඒ රුධිරෙන් අප හට අද - කමාව ලැබුනේ

යේසුනී මගේ.. යේසුනී මගේ

කුරුසියට ගියේ - මා නිසා අනේ

දෑත විදා කුරුසියේ ඇණ ගසනු ලැබූවා

යේසුනි ඔබේ මරණින් අප ජීවත් වූවා

යේසුනී මගේ.. යේසුනී මගේ

කුරුසියට ගියේ - මා නිසා අනේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →