← Back to all songs
HYMN

රැයක අඳුර දුරුවෙලා (සීතත් ඇත ගීතත් ඇත

රැයක අඳුර දුරු වෙලා මුළුම අහස තරු වෙලා

පොඩි තරුවක් හිරු වෙලා මහඟු මගුලෙකී

කුරුළු රංචු ඇහැරිලා මල් සීතට ඇහැරිලා

හැම තැන හිම ඉහිරිලා මහඟු මගුලෙකී

සීතත් ඇත ගීතත් ඇත රැයකුත් ඇත ගෙයකුත් නැත

ගව්වක් දුර යන්නත් යන්ටත් ඇත දරුවකු සොයලා

සැනසුම නැත උණුසුම නැත මව් රුවනට පුතකුත් ඇත

යමු යන්නට ගොස් එන්නට මේ පුත බලලා

වැසි පොද පොඩි මුතු වගෙයි කෝටි හතක හතු වගෙයි

මුතු කුඩයක හැඩ වගෙයි අහස පෙනෙන්නේ

සුවඳ වහිනවා වගෙයි මිහිර බහිනවා වගෙයි

ගඟක් හැදෙනවා වගෙයි සුවඳ ගලන්නේ

බෙත්ලෙහෙමේ පොඩි පුතා සිටියි අහුරකට ඔතා

සිඟිති සිතුම් සිත සිතා ඇඟිලි උරන්නේ

මවට ඇසින් කර කතා දරු හුරතල් පත පතා

ඇඟිලි එකට ගොත ගොතා මැණික් ගරන්නේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →