ප්‍රීතියේ සාමයේ ඒ පුවතේ (සාමයේ කුමාරයා)
Preethiyea Saamayea Ea Puvathea Saamayea Kumaarayaa
ප්‍රීතියේ සාමයේ ඒ පුවතේ
ගී නද නිලඹරේ පැතිරේ
දූතයෝ ඒ හසුනා ගෙන එත්
බෙත්ලෙහෙමේ ඉපදි යුදයේ
තේජසෙ දෙව් කුමරා සැතපේ
ලෝ මුදනා සමිඳාමය මේ
සාමයේ කුමාරයා
ලෝ දනාට පා දයා
පාපයේ බලේ හා රෝග ආදීදේ
සුන්කළා හාලේලූයියා!
නිල් අහසේ තරුවේ එළියෙන්
මේ බිළිඳා පඬුවෝ සොයමින්
ආමුදු ඒ කල පූර්ව දිගින්
මේ ගැලවුම්කරු ලෝකයෙහි
නෑ දුටුවේ රජමාළිගෙහි
වූයෙන ගෝහලයේම බිහි
සාමයේ කුමාරයා...
පාපයෙ රෝගයෙ හා දුකෙහි
ලෝ ජනයා විය බෝසෙ බැඳී
නේක ක්‍රියාකර කෲර දැඩි
ඒ දැක ස්වර්ගයෙ ප්‍රේමෙ පියා
ලෝ මුදනා ලෙස පාපයෙනා
ලෝකෙට එව්වේය මේ බිළිඳා
සාමයේ කුමාරයා...
ප්‍රේමයෙ රාජ්ජය බෝ අනගි
ස්ථාපිත වී යන සේ හදෙහි
මේ සමිඳා ගෙන ආවෙ මෙහි
මා සිතෙහි වනසේ ජනිතා
ශ්‍රී සුරිඳානෙනි! එන්න මෙදා
මා හද ගෝහලෙකි ඔබටා
සාමයේ කුමාරයා...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →