← Back to all songs
HYMN #B230

ප්‍රීතිවෙම් ප්‍රීතිවෙම් ආ ආසිරිවේ

Preethivem Preethivem Aa Aasirivea Boe Aasiri Vea

ප්‍රීතිවෙම් ප්‍රීතිවෙම්

බොහෝ සේ ප්‍රීතිවෙම්

යේසුස් ස්වාමින් මා නිතින් උරුමේ

නිතිනා මා හෘදේ තුළේ

බැතින් නමදිම්

මා සදා තුති දෙම් යේසු නමින් //

ආ! ආසිරිවේ බෝ ආසිරි වේ

දුන් මේ ආසිරි හැන පසසම් //

යේසු ස්වාමි හටා

ජය ගෝසා නදිනා

බැති පෙමින් ගී දෙම් මෙදිනා //

සන්තොසින් // නිති සන්තොසිනේ

ආසිරිලත් වූ මිදුම්කරුනි

මා ගීයෙන් මවිත හිමි ප්‍රේමේ සුපසන්

නිතිපතා දරාගෙන යේ හස්තෙන් //

ගී නඟම් // තුටින් ගී නඟමින්

රබන් වීණාවේ හොරණෑ නදින්

නමදිම් දිව් දුන් ශ්‍රී සුරිඳා බැතින්

පෙන්වූ ප්‍රේමේ සවිය ගැන වනම්//

ජීවනේ // දුන් නව ජීවනේ

ගිරි කුළු නැගී එන්නට පෙරින්

දෙරණේ තම රුව ගන්නට මත්තෙන්

සදාකාල යෙහොවා වේ දෙවිඳුන් //

හෝසන්නා // ජයවේ හෝසන්නා

සග ද්වායෙන් නැගේ පැසසුම්

පූජක මැවුම්කාර රජිඳා වීණා නදින්

සදාකාලෙන් සදාට නමදිම්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →