ප්‍රීති වෙමු, යේසුස් නාමෙ තුලින්
Preethi Vemu Yeasus Naame Thulin
පෙමැති හදින්, අප රකිනා
සෙත සදනා, දිවියේ
දෙවි උතුමන්, අප උදෙසා
දොර හැරියා, සගයේ
ප්‍රීති වෙමු, යේසුස් නාමේ තුලින්
එය ඇති අද ජය ගන්නටා //
මේ ජීවිතේ දුක් බොහොමයි
මාවත පටුයි, මිතුරේ
දෙවිඳුන් සදා, අප සමඟයි
අප ගෙන යයි, නිතරේ
දුක් උසුලනා, වෙහෙස වෙනා
සියලු දනා, පැමිණේ
යේසු තුමන්, සහනය දේ
සැනසුම දේ, මෙදිනේ
ප්‍රීති වෙමු, යේසුස් නාමේ තුලින්
එය ඇති අද ජය ගන්නටා //
කැලඹෙන්නේ නෑ, බය වන්නේ නෑ
මා දුක් වන්නේ නෑ, කිසිදා
සමිඳු මගේ, අත අල්ලා
මා ගෙනයයි, සැමදා
කුරුසේ දරා, අප උදෙසා
දිවි දුන්නා, සමිඳා
මෙදිනේ පටන්, ඔබ උදෙසා
දිවි ගෙවමි, නිතිනා
ප්‍රීති වෙමු, යේසුස් නාමේ තුලින්
එය ඇති අද ජය ගන්නටා //
ලෝකය හා, එහි ඇති දේ
කුණු සේ පෙනේ, මා හට
ඔබ පමණයි, ඔබම තමයි
මා සොයන්නේ, සැමදා
ස්තුති දෙමි, පැසසුම් දෙමි
මා ඔසවන්නෙමි, දෙවිඳේ
ප්‍රේමේ ඔබේ, පුදුමයි සමිඳේ
එය මට අගනෙයි, නිතිනේ //
පද රචනය, තනු නිර්මාණය හා ගායනය:
දේව දරුවෙකු වන නිමේශ් ප්‍රනාන්දු සහ පිරිස
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →