HYMN #B128
ප්‍රීති හඬ තේජස් පැය, යේසුස් ජීවත් වෙයි
Preethi Hannda Theajas Paya Yeasus Jeevath Vei
ප්‍රීති හඬ! තේජස් පැය
ක්‍රිස්තුස් යේසුස් සර්ව බලෙන්
මරු පැරදුවා
ඒ ජය ගැන ගී කියව්
මරුගේ යදම් බිඳුවා
ගලවන්ට බලැත්
යේසුස් ජීවත් වෙයි //
මා යේසුස් ජීවමාන වෙයි
සදාකල් ජීවන දෙන්ට
යේසුස් මරු පැරදුවා
බලව් නැගිටුනා
සුදනන් මැරුණ නමුත්
ඒ ජයේ කොටස ලබත්
සදාකල් ජීවත් වෙත්
යේසුස් ජීවත් වෙයි...
යේසුස් තුමා මළ නිසා
මරණෙට බිය නැත
කය දිරා ගියත්
අප මුදන්නට මළ
ගැලවුම් කරුගේ බලෙන්
නැවත ජීවත් වෙම්
යේසුස් ජීවත් වෙයි...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →