HYMN #B282
ප්‍රේමයෙන් වැඩකරන් දිනා ගන්නට පව්කරුවන්
Preamayen Vadakaran Dhinaa Gannata Pavkaruvan
ප්‍රේමයෙන් වැඩකරන්
දිනා ගන්නට පව්කරුවන්
ප්‍රමාද නොවී හැකි දෙය
කරන්ට ඉක්මන් වෙයන්
ඒ මහත් පීඩා කාලය
බොහෝ වේගෙන් එයි බොරු ක්‍රිස්තුස් කාලය
කරයි විනාස මුලු දේසය
බෝ සැනින් ගලවන් මේ ලෝකය
අදුරු වළා බෝ රැස්වේ
අහෝ! දුශ්ඨ කම් වැඩිවී යයි මේ ලොවේ
දෙව් උදහසේ දවස ළං වේ
ගළවන් පවිටු ලෝකය මේ
භාජන පිරී තිබෙන
අය නොහරියි අප හිමි ඒ දින
පහන් දල්වා දැන් ලෑස්ති වෙයන් !
මුදන්ට ලෝ ප්‍රමාද නොවෙන්
ගෙන යන් සෑම ජාතින් වෙත්
සුභාරංචිය හිමි ප්‍රේමයේ මහත්
අදුරේ ආත්ම කැළඹී සිටිත්
ඉක්මනින් යමව් පව්කරුන් වෙත්
යේසුස්ගේ ඊම ළංවෙයි දැන්
කිය නොහැක් වෙයි හෙට දිනට පෙරින්
ස්වර්ගික හඩ ඇසෙයි සැනෙකින්
සියොන් දුව! නුඹ ලෑස්ති වෙයන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →