HYMN #B085
ප්‍රේමයෙන් අප දිනාගන්ට
Preamayen Apa Dhinaaganta
ප්‍රේමයෙන් අප දිනාගන්ට
ස්වර්ග සැප අත්හැර ආවා
පියාණන් තම පුත් දෙමින්
පාප ණය ගෙව්වේය හිමි තුළ
කල්වරියේ උතුම් ප්‍රේමයෙන් වේ
ජය දුන්නා
ජීවනේ පුදමින් - ජය දුන්නා
නින්දාව සහ ලජ්ජාවද
වින්දේ හිමි සන්තෝෂයෙන්ම,
හිස්වෙමින් ඔබ දිව් පිදුවේ
පවිටුන් මුදන අභිප්‍රායෙන්
මංමුළාවුන පව්කරුවන්
අන්දකාරේ සිටින අයින්,
මග පෙන්වා දෙයි ජීවනෙට
ඔබ පෙම් වචනෙ පෙන්වමින
කල්වරි දෙයි මේ ගැලවීම
වැඳ වැටෙන් ඒ පා මුළම,
ලැබගන් සෑම පව් සේදීම
ශ්‍රී යේසුස් වගුළ ලේ වලින
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →