පොට්ටු පොට්ටු මල් පොහොට්ටු
Pottu Pottu Mal Pohottu
පොට්ටු පොට්ටු මල් පොහොට්ටු
පෙත්ත පෙත්ත විකසිත වී
මල් ලෝකෙට පිවිසෙනවා - //
කැදැල්ලේ උන් කුරුළු පැටව්
මව්පිය හැර දෙපත් සලා
අහසට ඉගිලී යනවෝ, යනවෝ - //
තනිව හැංගි තිබුනු පොට්ටු
මල් ලෝකෙට පිවිසීලා
බඹරු ඇදෙයි හැම අතින්ම
සුවද බෙදන විට ලෝකෙට
මලක දිවිය ඇරඹීලා
පල බර ලොකෙට බෙදන්න
පොට්ටු පොට්ටු මල් පොහොට්ටු...
ජීවිතයේ පොට්ටු වයස
මල් ලෝකෙට පිවිසෙනවා
දෙවිඳු පෙමට මිනිස් පෙමට
ඒ ජීවිත කැපවෙනවා
දෙව් ප්‍රේමය ලොව බෙදන්න
දෙවිඳුන් ඔබ සුරකීවා
පොට්ටු පොට්ටු මල් පොහොට්ටු...
කැදැල්ලේ උන් කුරුළු පැටව්
ඈතට ඉගිලී යනවා
හිස්ව තිබුන ආකසේ
තරුමල් ඉහලා වාගේ
නව ජිවය කුරුල්ලන්ට
ලොකෙට ලස්සන ගෙනෙන්න
පොට්ටු පොට්ටු මල් පොහොට්ටු...
ජීවිතයේ කැකුළු වයස
කුරුළු ලොවට පිවිසෙනවා
නිදහස අයිතිය ප්‍රේමය
සතුටින් දෙවිඳුට පිදෙනවා
දෙව් ප්‍රේමය ලොව බෙදන්න
දෙවිඳුන් ඔබ සුරකීවා
පොට්ටු පොට්ටු මල් පොහොට්ටු...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →