HYMN #B367
පොරණේ සිටියේ උතුමෙක්, ඒ කව්දැයි, දන්නේද
Poranea Sitiyea Uthumek Ea Kavdhai Dhanneadha
පොරණේ සිටියේ උතුමෙක්
එතුමා බැලැති රජෙකි
නැත්මය කියන්ට කැලලක්
සව් සත මුදනා කෙනෙකි
ඒ කව්දැයි, දන්නේද?
සව්සිරි සෙත් දෙන උතුමා
නුඹලා, දන්නේද?
රූබර පෙම්බර උතුමා?
අප මව්පියන් මෙන් මව්පියන්
ඇතුවයි සිටියේ එතුමා
ඒ ඇර සබඳුන්ද නෑයන්
සමඟයි විසුවේ එතුමා
මිතුරන් සතුරන් සමඟින්
එක සේ කල් ඇර සොඳටා
සැපතත් සම්පතත් හරිමින්
විසුවයි වැඩ වී සැමටා
මේ සැම කරමින් අගදී
ලෝසත ගළවා ගන්නට
තමන්ම පුදවී පණදී
මිදුමක් සැලසී සැමට
එතුමා, යේසුස්මයි
රජුන්ගේ රජවූ හිමිය
අපගේ, මිතුරයි
කරමු එතුමන් සේවය
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →