← Back to all songs
HYMN #B116

පූජාවේ බලයෙන් කුරුසේ

Poojaavea Balayen Kurusea

පූජාවේ බලයෙන් කුරුසේ

ලෝකෙට පෙන්වී ප්‍රේමේ

ආත්මේ එවා පුබුදමින්

ඇරියා රම්‍ය පුරේ

මා පාපයේ වහලෙකු සේමා

බෝ මුලාවී දිවි ගෙවුයේ

යේසුගෙ ප්‍රේමය හමුවූදා

ප්‍රීතිය හදේ උතුරා යයි

ඒ රුදු කුරුසේ දිවි දුන්නේ

මේ පවිටුන් මුදන ලෙසේ

යේසු ලැබු පහරින් සුව වේ

අදහා ලැබගන්න සුවේ

ශ්‍රී ලෙයින් මා හෘදේ සේදී

මේ ශාපෙ බලෙන් මුදමින්

දුන්නෙය ප්‍රීතිය සමාදානේ

ජීවනේ සවිය බෝ ලෙසේ

ආ හිමිගේ කල්වරි යාගේ

මා දැවුනා සිත පෙමිනේ

ඒ දුදනන් මුදමින් විනාසෙන්

මේ දියත පෙන්වි ජීවනේ

මා සමිගේ පසුපස යන්නේ

දෙව් ආසිරි ලැබ තුටිනේ

මේ උරුමේ සතු වේ දිනුවන්

ජය නදින් සුදන් වසනේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →