← Back to all songs
HYMN

පූජා කරමි බැතියෙන් මා හදවත

Poojaa Karami Bathiyen Maa Hadhavatha

පූජා කරමි බැතියෙන් මා හදවත

වඩිනුව මා වෙත ස්වාමිනේ

නෙරපාලා සාතන්ගේ සෑම බල

ස්ථිර කරන් ශුද්ධාත්මේ මා තුළ

ගයව් හාලේලූයියා මා හදවත

ගයව් හාලේලූයියා ස්වාමින්ට //

රැළ බොහෝ ගලමින් මා වටකර

එන කල සැලෙමි මා පියේ

රක්ෂස්ථානේ සන්තොසේ සැඟවෙමි ඔබේ

තබයි සමිඳා මා දිවි නිසංසලේ

ගයව් හාලේලූයියා මා හදවත

ගයව් හාලේලූයියා ස්වාමින්ට //

පීඩා දේශේ, අඳුරේ තනිවූ වේලේ

දුව ගොස් මා හාන්සි වී යේසු ලයේ

සැනසුම් දම් පවසා මා ඉසුලුවේ

දෙව් පෙම් සයුරේ පීනා මම් සන්තෝසේ

පටු වී යයි මාවත ඔබ කීලෙසේ

දරන්ට බෑ මාගේ දෙව් ස්වාමිනේ

එවිට දුටුවෙම් කරුණාවේ ප්‍රේමේ හස්තේ

ඔසවා තැබූවේ විශාල වූ ප්‍රීති දේසේ

ගයව් හාලේලූයියා මා හදවත

ගයව් හාලේලූයියා ස්වාමින්ට //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →