← Back to all songs
HYMN #B183

පෙම්බර යේසුනි ඔබට, මේ මාගේ යේසුනි

Pembara Yeasuni Obata Mea Maagea

පෙම්බර යේසුනි ඔබට

බෝවර දුක් දුන්නේ නොදැනයි

මා කළ පව් ගැන එවිට

නොදනිම් මක් කර මිදෙම්දැයි

මේ මාගේ යේසුනි

දැන් එමි මා පිළි ගන්නේද

බෑ ඉන්ට ස්වාමිනේ

කමා වී මා පිළිගන්නේද

මගේ පාප බරත් දැන් අරන්

යේසුනි මම් එමි බලනු

මා දෙස නෙත් යොමා ආදරෙන්

පුත මාගෙයි නුඹ කියනු

මා පිළිගෙන යේසුනි දැන්

දැවෙනා මේ සිත නිවලා

පුරවා සැනසුම් ප්‍රේමයෙන්

මා තුටින් පිනවන් මෙකලා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →