පෙම් කරන්න එකිනෙකාට සුහද සොයුරු ප්‍රේමයෙන්
Pem Karanna Ekinekaata Suhadha Soyuru Preamayen
පෙම් කරන්න එකිනෙකාට
සුහද සොයුරු ප්‍රේමයෙන්
දිවි ගෙවන්න එකමුතුවී
සමිඳුන් තුළ සාමයෙන්
ඔබට වඩා අනුන් උතුම් කොට නිරතුරු සලකන්න
උඩඟු නොවී අසල්වැසියනට බුහුමන් දක්වන්න
අලස නොවී සිතට දිරිය ගෙන කටයුතු සපුරන්න
සමිඳු කෙරේ බැතිය පෙරටු කොට සේවය සලසන්න
සැපතේදී සිතෙන් උදම් නොව සතුටට පත්වන්න
විපතෙහිදී නොපසුබටව තව ඉවසිලිමත් වන්න
උදය හවා දෙවිඳු යැදුමනම් අතපසු නොකරන්න
අසරණයන් පිහිට පතන විට පිළිසරණය වන්න
දුක්පීඩා කරන අය කෙරේ සාමය පතුරන්න
ඔබට පවා වරද කරන විට නපුරක් නොකරන්න
සතුටු සිනා රැලි නැගෙනා විට ඔබද සිනාසෙන්න
දුකට වැටී අනුන් පෙලෙන විට සැබවින් දුක්වන්න
සියලු දෙනා සමඟ සමගියේ අමරස විඳගන්න
පහන් සිතින් යහගුණ ඇතියන් ඇසුරට පත්වන්න
හැමවිට හොඳ හැසිරීමෙන් ආදර්ශය දෙන්න
දැහැමි බවින් ඔබ හැම නපුරට යහපත කරලන්න
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →