← Back to all songs
HYMN #B256

පීඩා දුක් විපත් විඳිමින් (මා මිදූ යේසුනි)

Peedaa Dhuk Vipath Vinndhimin

පීඩා දුක් විපත් විඳිමින්

මෙලෝ මැදින් යන මා

වටලාගෙන සිව් දිගින්

සිටිත් සතුරෝ සැමා

මා මිදූ යේසුනි

මා තුළේ නිති වසන්

මා පෙම්වත් යේසුනි

මෙමා නිති රැකදෙන්

සතුරු දන සැවොම

මට බලවත් බැවින්

වැටෙම් දුබල වූ මම

දෙන් ඔබ අත සැණෙන්

මා මිදූ යේසුනි...

මේ කය මා හිමියනි

වෙහෙසයි මෙමා තදින්

සාතන් හා ලොවත් නිතිනි

දෙත් මට දුක් නොමින්

මා මිදූ යේසුනි...

මේ සතුරන් මැදින් වැරෙන්

බය නොවී යන්නට

වගුළ ඔබ රුධිරෙන්

ලකුණක් දෙන් දැන් මට

මා මිදූ යේසුනි...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →