HYMN #B115
පවිටුන් නිරයෙන් මුදන්ට (දුක් වින්දේ)
Pavitun Nirayen Mudhanta Dhuk Vindhea
පවිටුන් නිරයෙන් මුදන්ට
දෙව් සැප අත්හැර දමමින්
ආදරෙන් දේව පුත් ආ විට
මැරුවෝ යුදයෝ දුක් දෙමින්
දුක් වින්දේ මා නිසයි
කුරුසේ එල්ලිලා විඳි දේ
කන් ඇත්තෝ අසත්වා
කල්වරි ගොල්ගොතාහි වූ දේ
නැමිලා කුරුසේ උසුලා
ගෙන යයි තලන්නේ ඇයි අනේ
මක් කළත් නොබලයි රවලා
මන්ද ඒ සිත් උණු නොවන්නේ
ඉල්ලුවා පැන් පිපාසයට
දුන්නේ උන් බොන්නට කාඩිය
දුන්නේ නෑ පැන් ටිකක්වත් බොන්ට
දුදනෙක් ඇළේටත් ඇන්නේය
ජීවනෙ කුමරා එල්ලූ දා
අහසත් පොලවත් දුක් වුණි
නුඹලා මේ ගැන කවදා
හැඬුදෝ සිතලා සොවිනි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →