HYMN #B255
පවසයි පවසයි, හිමි මේ ලෙස පවසයි
Pavasai Pavasai Himi Mea Lesa Pavasai
පවසයි පවසයි පවසයි //
හිමි මේ ලෙස පවසයි //
සතුරන් හට ප්‍රේම කරපල්ලා
වෛරයට හොඳම කරපල්ලා
සාප කලත් ආසිරි ඉල්ලා
යාච්ඤා කරපල්ලා
ගැසුවොත් නුඹගේ කම්මුලට
හරවාපන් අනිකත් ඔහුට
උතුරු සළුව ඉල්ලන්නාට
දෙනු අඳනයද තුට
වචන අසා එය පිළිපදිනා
ගල මත ගෙය හා සමවන්නා
වචන අසා එය නොකරන්නා
වැලිමත ගෙය වැන්නා
දරුවන් මා වෙත නොවලක්වා
එන්නට ඉඩ හැර සිටපල්ලා
සගය ඔවුන්ගේ දැනගල්ලා
බාධා නොකරල්ලා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →