← Back to all songs
HYMN #B182

පව් පුන් හොඳක් නොවන් නිසා දුන් ලේ පේම සිතින්

Pav Pun Honndhak Novan Nisaa Dhun Lea Peama Sithin

පව් පුන් මෙමා හොඳක් නොවන්

නිසා දුන් ලේ පේම සිතින්

ආරාධනා ලත් බැවින් මම්

දේව ස්වාමි එමි දැන්

පව් පුන් මෙමා පාප මලින්

නාවා ලමින් ලේවූ ගඟින්

මාගේ සිතත් සුද්ද කරන්

දේව ස්වාමි එමි දැන්

පව් පුන් මෙමා නානා දුකින්

රාගදෝසා මෝහ බලෙන්

පෙළී බසින් බැති සිතින්

දේව ස්වාමි එමි දැන්

පව් පුන් මෙමා නොමින් හීන

අන්ධ දුගී සොවින් ඉන්න

ඕනෑ සැපත් ගන්නා මෙන

දේව ස්වාමි එමි දැන්

පව් පුන් මෙමා මහත් තුටින්

භාරගෙන කමා වෙමින්

මුදන්නේය කී එබැවින්

දේව ස්වාමි එමි දැන්

පව් පුන් මෙමා ඔබගේ පෙම්

සැම බාධා වින්දා බැවින්

ඔබට අයිති වන මෙන්

දේව ස්වාමි එමි දැන්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →