HYMN #B065
පැතිරේ පැතිරේ සුර දූ
Pathirea Pathirea Sura Dhoo
පැතිරේ පැතිරේ සුර දූ
ගී හඬ පැතිරේ
ලෝ හිමි රජු හට සුර දූ
ගී හඬ පැතිරේ
පොළොවෙහි සාමය පැතිරේවා
සත වෙත මෙත් සිත ඉතිරේවා
සැම ජාතින් සිත් එක් වේවා
සුර දූතුන් හා ගී දෙත්වා
සුර වෙස් හැරදා මනු වේසේ
ගෙනැ දිනු කුමරියකගේ පුතු සේ
මිනිසුන් හා වසනට එක සේ
වැඩ හිමි පා සදමුව සිරසේ
ඉහළ මැ පිදුමෙන් පුද ලැබුවෝ
කාලයේ අඳුරට හිරු වූවෝ
එම්මානුවෙල් අප සමි දරුවෝ
බෙත්ලෙහෙම් පුරයෙහි ලෝ දිනුවෝ
සාමයේ කුමරුව දමිටු කමේ
ඉහළ මැ පහනව මිදුම ගෙනේ
තේජස හැරදා සුසුදු පෙමේ
මී රස අම සුව ලොවට ගෙනේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →