← Back to all songs
HYMN

පටන්ගැන්මේදී, දිව්‍ය වාක්‍යානෝ

Patanganmeadhee Dhivya Vaakyaanoe

පටන්ගැන්මේදී, දිව්‍ය වාක්‍යානෝ

වැඩසිටිසේක දෙවිඳුන් ලෙසිනා

සියල්ලම ඔබගේ වචනින් නිමවා

සියල්ලට ඉහලින් රජකම් කරනා

ඔබ තුළ ජීවනයයි

එය අප ආලෝකයයි //

නමදින්නෙමි, නමදින්නෙමි -

යේසුනි... - //

වාක්‍යානෝ, මාංශවත් වී

අප අතරේ වාසය කලා

පියාණන්ගේ, ළයේ හිඳිනාවූ

පුත්‍රයාණන්, මහිමය දරනා

ඔබ අදහාගන්නම්

දේව පුතෙකු වන්නම් //

නමදින්නෙමි, නමදින්නෙමි -

යේසුනි... - //

ඔබ ශුද්දයි, ශුද්දයි

දෙවිඳුනි //

පද රචනය, තනු නිර්මාණය හා ගායනය:

දේව දරුවෙකු වන නිමේශ් ප්‍රනාන්දු සහ පිරිස

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →