← Back to all songs
HYMN #B198

පාපයෙන් ස්වාමි යේසුස් මාව මිදුවා

Paapayen Svaami Yeasus Maava Midhuvaa

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

පව්බර වැඩි වී ශෝක වෙලා

හව්හරණක් මට නොමැති කලා

දෙව් කුමරුන් වෙත ආමි කියා

පව්කරු මා හට වෙන්න දයා

පාපයෙන් ස්වාමි යේසුස් මාව මිදුවා

මාව මිදුවා යේසුස් මාව මිදුවා

කුදිටු දෙයින් නිති සිත පිරිලා

දමිටු කෙනෙක් ලෙස වෙස පෙරලා

රැවටූ නිසා මම සෑම දෙනා

පවිටු කෙනෙක් වී සිටිය සැනා

තැවෙමින් මගේ සෑම පාප ගැනා

කියමින් ආ විට හිමිට ගුණා

දෙවමින් සමා මට සතුටු සිතින්

කුළුණෙන් කීවේ පව් නොකරන්

ලෝක දෙයින් සැනසීම සොයා

ශෝක වෙමින් සිටිනා සැවොමා

පාප කියා සැම යේසු වෙතා

ආවොතිනා ඔබ සමාව ඇතා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →