← Back to all songs
HYMN #B083

පාපයෙන් මා සිත පිරුනේ

Paapayen Maa Sitha Pirunea

පාපයෙන් මා සිත පිරුනේ

ලෝකයෙන් මා සිත බිඳුනේ

සැමගෙන් මා හද වෙන්වුනේ -

ස්වාමින්ගේ ප්‍රේමය දැනුනේ //

එතුමා යේසුස්මයි

එතුමා දෙවිඳුන්මයි

කල්වරි කුරුසේ මා නිසා -

සිය දිවි පිදු එතුමා //

එතුමා මා නිසා මැරුණා

කුරුසේ මා හට දිස්වුනා

ප්‍රේමයෙන් මා සිත බිඳුනා -

පාපයෙන් මා අද මිඳුනා //

මාර්ගයත් සත්‍යයත් එතුමයි

ජීවනෙත් සෙවනත් එතුමයි

ලෝකයේ දෙවිඳුත් එතුමයි -

එතුමා රජුන්ගේ රජුන්මයි //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →