ඔසවා යන සේ පැටවුන්
Osavaa Yana Sea Patavun
ඔසවා යන සේ පැටවුන්
රාජාලියා උගේ,
පියාපත්, මත තබා
මතු ඔබෙ දිවිය පුරා
ගෙන යමි මම ඔබ කෙරෙහි බලා විමසා
මා හදවත සාමයෙන් සපිරේ
ඔබ ඇත පැවතී මේ දිවිය පුරා මා
ඔබෙ සුරැකි දෑත් ඇත්තේ වට කොට මා
මා ඔබ ගැන තිර ලෙස සිටිනෙමි අදහා - ///
ඔබෙ සුරැකි දෑත් අතරේ තබා
නලවන බිලිඳෙකු මෙනි ආ..ත්මේ මාගේ
ඔබ ගෙන යා ඇත දිගු කලක් පුරා මා
සොම්නස හා දොම්නස මුසු දිවි ගමනේ - ///
ඔසවා යන සේ...
තිර නැති වුව හෝ කවර දැයක් හෝ
මට බිය වන්නට කිසි කරුණක් නොම වන්නේ
මා තුලින් විටක මා නිසා විටෙකදී
දිවියේ මා ඔබ අරමුණ සොයනු පෙනේ - ///
දිස් වෙයි හද මැද දුබලකම් මගේ
දිවි ගමනේ පරාජයන් මා හට දැනේ
ඔබ සෙමින් නැගිටුවා මා එසවූයේ
නොමග දිවි මගේ හැපී වැටී සිටි මා - ///
ඔසවා යන සේ...
උස් කඳු පසෙකට යන්න සැලසුවෝ
දිය දහරට ගලනා මාවත සැලසූවෝ
තද කුනාටු මැද ඔබ සිටියෙ රැඳී මා හා
සුරැකි මාවතේ ගෙන යනු දැනුදු දැනේ - ///
ඔසවා යන සේ...
ගෙන යමි මම ඔබ කෙරෙහි බලා විමසා...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →