← Back to all songs
HYMN

ඔහු යුදාවේ බලවත් සිංහයා

Ohu Yudhaavea Balavath Sinhayaa

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

ඔහු යුදාවේ බලවත් සිංහයා

මා විලංගු බිඳ නිදහස්කර හැරියා

එතුමන් මාගේ ජයගත් බලකොටුවයි

මගෙ දුකේදි පිහිටවූ ශක්තියයි

මා යුදයේ බල කොටුවයි

යේසුස් ඊශ්‍රායෙල්හි පැතුමයි

කෙනෙකු මගින් දහසක් ගලවයිනම්

දෙදෙනෙක් මගින් ජාතින් ගලවයිනම්

තිදෙනෙක් මගින් අන්ධකාරයේ බල බිඳිමු

මෙහි සිටිනා සැමා ඔසවයි එතුමන්ගේ නාමේ

ආත්මික සටනේ ජය එතුම් නාමෙන් පවසව්

අඳුරු බල බිඳිමු වචනය වූ අප කඩුවෙන්

ආත්මික සටනේ ජය එතුම් නාමෙන් පවසව්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →