← Back to all songs
HYMN

ඔබවන් නාමයක් නැතේ ප්‍රශංසාවේ හඬ නැංවේ ස්වර්ගයේ

Obavan Naamayak Nathea

ශුද්ධාත්මයාණන් · Holy Spirit

ඔබවන් නාමයක් නැතේ

ඔබවන් ස්පර්ශයක් නැතේ

ඔබවන්..., කරුණාගුනයක්

නැහැ අන් අයෙකුගේ

ඔබවන් ප්‍රේමයක් නැතේ

ඔබවන් සාමයක් නැතේ

ඔබෙ ගලනා ප්‍රීතියත්

නැහැ අන් අයෙකුගේ

ඔබෙ ආත්මය මා ස්ථිර කරයි

ඔබෙ ආත්මය මා නිදහස් කරයි

නමදිනකල්හි, නමදිනකල්හි

නමදිනකල්හි... සමිඳේ...

ඔබවන් නාමයක් නැතේ...

ඔබවන් ප්‍රේමයක් නැතේ...

ඔබෙ ආත්මය ස්ථිර කරයි...

ඔබෙ ආත්මය ස්ථිර කරයි...

ශුද්ධ ශුද්ධ ඔබ සමිඳේ

මුළු ලොව පැතිරේ ඔබෙ මහිමේ

ලෝ දනා ඔබෙ නාමයට

පුද දී ප්‍රශංසා ගෞරවයේ

ජීවමාන රජිඳුන් ඔබයි

අප මත තේජසින් වැජඹේ

ප්‍රශංසාවේ හඬ නැංවේ ස්වර්ගයේ

පුදුමයි අපෙ දෙවිඳුන්

මුළු ලොවම ගයන්නේ

හාලේලූයියා ඔබයි රජිඳු

හාලේලූයියා ඔබයි රජිඳු

ප්‍රශංසාවේ හඬ නැංවේ...

හාලේලූයියා ඔබයි රජිඳු...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →