HYMN
ඔබමයි සමිඳේ, කරුණා දයා පුදුමයි ඔබගේ
Obamai Saminndhea Karunaa Dhayaa Pudhumai Obagea
කරුණා දයා පුදුමයි ඔබගේ
මා වන් අධමෙක් ගැලවූ
නැතිවී සිටි මා නැවතත් සෙවුවා
මාගේ පෙම්වත් දෙවිඳු
සරණක් සෙව්වා, බෝ දුක් විඳා
මෙලොවේ තනිවී හැඬුවා
ඔබ මා කැඳවා තුරුලේ සඟවා
ගෙනයයි සතිටින් සැමදා
මා බැඳුම් වලින් නිදහස් වූවා
මාගේ දෙවිඳුන්, මා ගැලවූවා
ගඟුලක් ලෙසින්, මහදේ ගලනා
නොමියන ප්‍රේමේ, ඔබමයි සමදා
මගේ පා පැකිළී වැටුනූ විටදී
ඔබ මා ඔසවයි සමිඳේ
සැමදා දිවියේ වෙසෙනා මොහොතේ
දෙවිඳුන් ඔබමයි නිතිනේ
මා බැඳුම් වලින් නිදහස් වූවා
මාගේ දෙවිඳුන්, මා ගැලවූවා
ගඟුලක් ලෙසින්, මහදේ ගලනා
නොමියන ප්‍රේමේ, ඔබමයි සමිඳේ //
පද රචනය හා ගායනය:
දේව දරුවෙකු වන නිමේශ් ප්‍රනාන්දු
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →