← Back to all songs
HYMN

ඔබ වැනි වෙන කවුරු සිටීදෝ

Oba Vani Vena Kavuru Siteedhoe

නමස්කාරය · Worship

ඔබ වැනි වෙන කවුරු සිටීදෝ මා සමිඳේ

මා වෙනුවෙන් දිවියම දෙන්නේ වෙන කවුදෝ

පාපයෙ මිලය ගෙවන්නට

මරණින් මා ගලවන්නට

මා තුළ හුස්ම තබන්නට

කාට හැකිදෝ

මා ඔබේ වචනය අදහමි

මා ඔබේ නාමය අදහමි

මා ඔබේ ප්‍රේමය සමරමි

මගෙ මුළු දිවියම පුද දෙමි

මා හට ඔබ ගැන විශ්වාසයි

ඔබ කිසිකලෙකත් තනි නොකරයි

මා දැන් ඔබ වෙත දිව එමි

මගෙ මුළු සිතින්ම කැප වෙමි

ඔබ වැනි වෙන කවුරු සිටීදෝ මා සමිඳේ...

මා ඔබේ වචනය අදහමි...

මගෙ මුළු දිවියෙන් පෙම් කරමි

මා සතු සැමදේ පුද දෙමි

මා නැවතත් පව් නොකරමි

මා ඔබ වෙනුවෙන් දිවි ගෙවමි

මා ඔබේ වචනය අදහමි...

මා හට ඔබ ගැන විශ්වාසයි...

~ Artist: ගෞ. පියෝ ආනන්දප්පා ~

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →