HYMN
ඔබ උසුලා ගත්තේ අපේ දුකයි, කස පහරින්
Oba Usulaa Gaththea Apea Dhukai Kasa Paharin
ඔබ උසුලාගත්තේ, අපේ දුකයි
දරාගත්තේ, අප ශෝකයයි
තුවාල ලැබුවේ අප අපරාධ නිසයි
කුරුසියට ගියේ අප පාප නිසයි
බැටළුවන් සේ, මුලා වෙලා
අපගේ මාවත්වල හැරී ගියා
අප සැමගේ, ගැලවුම උදෙසා
ඔබ මත අපගේ, අයුතුකම් දැරුවා
කස පහරින් ඔබෙ සිරුර ඉරෙනා තුරා
කටු ඔටුනින් ඔබෙ හිස සිදුරුවන තුරා
ඇණ පහරින් ඔබ කුරුසියෙ මැරෙණ තුරා
මට ප්‍රේම කළා සැබවින් ප්‍රේම කළා
ඔබ උසුලාගත්තේ, අපේ දුකයි
දරාගත්තේ, අප ශෝකයයි
තුවාල ලැබුවේ අප අපරාධ නිසයි
කුරුසියට ගියේ අප පාප නිසයි
කස පහරින් ඔබෙ සිරුර ඉරෙනා තුරා
කටු ඔටුනින් ඔබෙ හිස සිදුරුවන තුරා
ඇණ පහරින් ඔබ කුරුසියෙ මැරෙණ තුරා
මට ප්‍රේම කළා සැබවින් ප්‍රේම කළා //
පද රචනය, තනු නිර්මාණය හා ගායනය:
දේව දරුවෙකු වන නිමේශ් ප්‍රනාන්දු
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →