← Back to all songs
HYMN

ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්

Oba Thurulata Vee Innata Athnam

ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්

එක වරුවක් හෝ දවසකදී

නිසසල මොහොතක හිමිදිරි උදයක

ඔබ සිරුරේ උණුසුමේ වෙලී

යේසුනි... මට ඔබ විශ්වාසයි

ඔබ මගේ ජීවිතයයි

හැමදාමත් එහෙමයි

ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්

එක වරුවක් හෝ දවසකදී

ගිනිගත් සිතිවිලි නිවෙනා තුරු මා ඔබ තුරුලේ ඉන්නම්

පවිටු මගේ සිත සේදී යන තුරු ඔබ පා නමදින්නම්

තනිවෙන්නට කිසි දිනෙක ඉඩ නොදී ඔබ පසුපස එන්නම්

දෑතින් ඔබේ අත අල්ලාගෙන මා ගීයක් මුමුනන්නම්

ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්...

දුකින් පෙලෙන මිනිසුන් අහුරක් ගෙන ඔබ පාමුල වැටෙමි

සැනසීමක් අයැදින්නට හිත හිත මගෙ හදවත පුදමි

විශ්වාසයි මට විශ්වාසයි කිසි දින මා අත නොහරියි

ඔබ දුන් හුස්මෙන් ජීවත් වන්නට මට දිරි ලැබෙනු ඇති

ඔබ තුරුලට වී ඉන්නට ඇත්නම්...

යේසුනි... මට ඔබ විශ්වාසයි

ඔබ මගේ ජීවිතයයි

හැමදාමත් එහෙමයි //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →