HYMN
ඔබ සූදානම්ද, ඔබ මොහොතක් සිතා බලන්න
Oba Soodhaanamdha Oba Mohothak Sithaa Balanna
ඔබ මොහොතක් සිතා බලන්න, දෙවිඳුගෙ දරුවෙක් විලස
ඔබ යන්නේ කොතැනකටද, නවතින්නේ කොතැනකද
සොයුරේ සොයුරියේ අහන්න, අවසානය අතළඟය
දෙවිඳුන් එයි අප ගෙනයන්න, ඔබ සූදානම්ද
යුධ ගිනි පැතිරී මුලු ලෝකය කැලඹී යයි
මුලු පොළව පුරා මහ බියකරු දේ සිදුවෙයි
සාගත පීඩාවෙන් බෝ මිනිසුන් මියැදෙයි
මේ සියල්ල දෙවිඳුන් යලි එන පෙරලකුණුයි
නොසිතූ මොහොතේ දෙවිඳුන් පැමිණෙයි මිතුරේ
සූදානම් වී සිටියොත් එය යහපත් වේ
නව ජීවිතයක් ඔබ හට හිමිවෙයි සගයේ
දෙවිඳුන් වෙත එන සැමදෙන හට එය හිමිවේ
පද රචනය, තනු නිර්මාණය හා ගායනය:
දේව දරුවෙකු වන නිමේශ් ප්‍රනාන්දු
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →