HYMN
ඔබ මට ආශිර්වාද කරන්න
Oba Mata Aashirvaadha Karanna
නමදින්නම් මා ඔබ සමිඳේ
අබ්බා, පියානෙනි
ඉල්ලන්නෙමි වරමක් ඔබෙන්
ඔබ මා හඬ අසනා බැවින්
දෙව් වචනයෙ ලියලා තිබෙනා
මේ පොලොවේ උරුමය ලැබෙනා
ලෙස මා සකසන්න යැයි කියා
ඔබ මට ආශිර්වාද කරන්න
මගෙ සීමාවන් ඔබ පුළුල් කරන්න
ඔබගේ අත දිගුකර මට දුක් නොදෙන සේ
මා රැක ගනු මැන මට ආශිර්වාද කරන්න
මගෙ සීමාවන් ඔබ පුළුල් කරන්න
ඔබගේ අත දිගුකර මට දුක් නොදෙන සේ
මා රැක ගනු මැන දෙවිඳේ... ආමෙන්...
පොරොන්දු දුන්නෙ ඔබයි සමිඳේ
එය කඩන්න ඔබ මිනිසෙකු නොවේ
දිලිඳුකමින් හා පීඩාවෙන් මා
අද ඔබ මා මුදනා බැවින්
මම තව දුප්පත් නැහැ කියලා
මම තව දුර්වල නැහැ කියලා
අන් සියලුදෙනා ඔබ පවසන සේ...
ඔබ මට ආශිර්වාද කරන්න...
(1 ලේකම් 4:9-12)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →