HYMN
ඔබ ධර්මිෂ්ඨයි, ඔබ බලවන්තයි, ඔබ යහපත් වූ, දෙවිදුන් පමණයි
Oba Dharmishtai Oba Balavanthai Oba Yahapath Voo Dhevidhun Pamanai
ජීවිතේ පසුවන සැම මොහොතක් පාසා
ඔබ මා ළගින් සිටිනා බව මට දැනුනා
නිරතුරැ ඔබ මා හද සනසමින් ගෙන යන්නා
ඔබ යහපත් වූ දෙවිදුන් බව මා හට දැනුනා
ඔබ ධර්මිෂ්ඨයි - ඔබ බලවන්තයි
ඔබ යහපත් වූ - දෙවිදුන් පමණයි
ඇදහිල්ලෙන් මා සවිමත් කරමින් ගෙන යන්නා
දෙවිදේ ඔබෙ දෙව් වදනින් නිසි මග මට පෙන්වා
යා යුතු මග නිරතුරැ මා ගෙනයයි ඔබ සැමදා
ඔබ යහපත් වූ දෙවිදුන් බව මා හට දැනුනා
ඔබ ධර්මිෂ්ඨයි - ඔබ බලවන්තයි
ඔබ යහපත් වූ - දෙවිදුන් පමණයි
ඔබ පිළිතුරැ දෙන්නාවූ දෙවිදුන් බව විශ්වාස කරන්නෙමි ////////
පද රචනය, ගායනය: දයාන් සෙනෙවිරත්න, ශෙනෙලා සහෝදරී (සත්‍ය අත්දැකීමක් තුළ සෑදුවාවූ ගීතිකාවක්)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →