← Back to all songs
HYMN

නිසසල ඒ මිහිරි රැ‍යේ

Silent Night Holy Night

නත්තල් · Christmas

නිසසල ඒ මිහිරි රැ‍යේ

රස වෑහේ මුතු පැහැයේ

අහස පුරා තරු එළිය දිලේ

පොළව කරා වැද සිරිය හැලේ

ජේසු පුතා බිහිවී

ජේසු පුතා බිහිවී

මව් උකුලේ රන් කැකුළේ

පුත බැබළේ ගොපළු පැලේ

මෙලොව මුදාලන දෙව් බිළිඳා

සිටිනු පෙනේ පොඩි අත් විහිදා

බෙත්ලෙහෙමේ බිහිවී

බෙත්ලෙහෙමේ බිහිවී

රෑ අඳුරේ ගෝ මැඳුරේ

සිරිය පිරේ කඳු අතරේ

මංගල මිහිරක රැව් පැතිරේ

ගී ගඟුළැල්ලක දිය ඉතිරේ

පුත් රුවනක් බිහි වී

පුත් රුවනක් බිහි වී

Silent night, holy night,

All is calm, all is bright

Round yon virgin mother and Child.

Holy Infant, so tender and mild,

Sleep in heavenly peace,

Sleep in heavenly peace.

(Music...)

Silent night, holy night,

Shepherds quake at the sight;

Glories stream from heaven afar,

Heav’nly hosts sing Alleluia!

Christ the Savior is born,

Christ the Savior is born!

(Music...)

Silent night, holy night,

Son of God, love’s pure light;

Radiant beams from Thy holy face

With the dawn of redeeming grace,

Jesus, Lord, at Thy birth,

Jesus, Lord, at Thy birth.

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →