← Back to all songs
HYMN #B254

නිසංසල ලොවේ දෙවිඳු මුණ ගැසේ

Nisansala Lovea Dhevinndhu Muna Gasea

නිසංසල ලොවේ

දෙවිඳු මුණ ගැසේ //

එහා මෙහා කඩිමුඩියේ

දුවන ලොව තුළේ

මහඬ නගා වෙඩි අවුලා

සටන් වැදි ලොවේ

දෙව්ඳු හමු නොවේ

දෙවි පියේ ඔබෙ ලොවේ

ඇයිද චංචලේ

මිහිතලේ කලබලේ

ඇයිද ඇතිකළේ

'නිසලවන්න මා දෙවි බව -

දැනගන්නය' පැවසුවේ - //

නිසංසල ලොවේ

දෙවිඳු මුණ ගැසේ //

එදා මහා කුණාටුවේ

ඔබව සෙව් වෙලේ

බිම සෙලවී ගිණි ඇවිලී

තිබුණු ඒ වෙලේ

ඔබ හමු නොවූයේ

දෙවිපියේ අද ලොවේ

පැනය එයම වේ

මිහිතලේ වියවුලේ

ඔබව හමු නොවේ

නිසංසලය අතරතුරදි -

සියුම් හඬක් අපටැසේ - //

නිසංසල ලොවේ

දෙවිඳු මුණ ගැසේ //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →