HYMN
නිසල සීත රැය වුනා
Nisala Seetha Raya Vunaa
නිසල සීත රැය වුනා
ලොවම නින්දේ පසු වුනා
දූත සේනා වට වුනා
සාමේ කුමරු ඉපදුනා
බැටළු පැටව් අදරිනේ
මව් තුරුළට ගුලි වුනේ
සීත සුළඟ පැතුරුණේ
උපතේ අරුත කියවුනේ
ගොපළු හනික පිබිදුනා
දූත කැලක ගායනා
දිලිඳු ලෙසින් කන් යොමා
ගවලෙන වෙත දුව ගියා
පාපෙන් ලොව මුදනට
බිළිඳෙකු සේ මෙලොවට
වැඩිය යේසු කුමරුට
මුදනෙමි අද මගෙ හද
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →