← Back to all songs
HYMN #B324

නිලඹරේ දෙව්දූතුන් විහිදේ

Nilabarea Dhevdhoothun

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

නිලඹරේ දෙව්දූතුන් විහිදේ

ස්වාමින්වහන්සේගේ නාදේ රැව්දේ

රාවේ හොරණෑවේ ඊට එක්වේ

යේසුස් ස්වාමි පැමිණේ

හාලේලූයියා යේසු

තේජානුභාවෙනා

මා උදෙසා එන ඒ දවසේ //

මා ස්වාමි සමඟා

ඒ ශුද්ධ රටටා

තේජසින් මා යනවා //

කල්වාරියේදී ලත් ලේ ආලේපේ

ක්‍රිස්තු මේ වාරේ තේජාන්විත වේ

කල්නෑරා බිළිඳු බෙත්ලෙහෙමේ

රාජාති රජුසේ ඒ

ඊමේ ආසාවෙන් බෝ යාච්ඤාවෙනි

ශුද්ධාත්මෙන් පූර්ණව නිර්මල වී

සුද්දවතුන් රාශි මධ්‍යකාසේ

ඒ රාජා සම්මුඛ වේ

නානා සෝදුක් පීඩා මාර්ගේ ඇති

වින්ද මනාලිය සන්තෝසෙනි

මල්කම් කළාවූ ඒ සේලෙන් සැදී

යේසු රජා හා යන්නී

පීතෘතුමාගේ ඒ මංගල්‍යයටා

සුද්දවතුන් සෑමා රැස්කරනා

ප්‍රීති සන්තෝසෙන් යුක්ත ඒ දිනා

යේසු රජා හා යම් මා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →