← Back to all songs
HYMN

නිලඹර දිලෙයි බැති මල් පිපෙයි

Nilabara Dhilei Bathi Mal Pipei

නිලඹර දිලෙයි - බැති මල් පිපෙයි

මුළු ලොව තුටු ගී ගයයි

තරුවක් දිලෙයි - ලොව එළි කරයි

සතුටින් මුළු ලොව පිරෙයි

බිළිඳෙක් හඬයි - මව ගී ගයයි

ප්‍රේමය ලොව පැතිරේ

සැම දණ නමා - බිළිඳුන් නමදිව්

ඒ සාමයේ කුමරුන් වගයි

ප්‍රේමයේ ගී හඬයි

ලෝ දනා තුටින් ගී ගයයි

සෑම ජාතින් පවසයි

ඒ ප්‍රේමයේ දෙවිඳුමයි

ලෝ දණන් සැම හට බෙදයි

එතුම් ප්‍රේමය ලෝ පැතිරෙයි

සැම දණ නමව් - සැම දිව් පවසව්

ඒ ප්‍රේමයේ දෙවිඳුමයි

මෙහි තාලය: ජිම් රීව්ස් ගේ "ද මෙරි ක්‍රිස්මස් පොල්කා" ගීතයේ තාලය වේ.

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →