← Back to all songs
HYMN #B134

නිල් තණ බිම් මත මා සතපන්නේ

Nil Thana Bim Matha Maa Sathapannea

නිල් තණ බිම් මත මා සතපන්නේ

නිසල වු දිය වෙත මා ගෙන යන්නේ

මගෙ ආත්මය ඔබ පණ පොවමින්නේ

දමිටු මාවතේ මා ගෙනයන්නේ

සමිඳුනි සමිඳුනි ඔබ මා එඬේරා වේ

මා හට කිසි හිඟයක් නොම වේ

කිසි හිඟයක් නොවේ

මරණ සෙවනේ මිටියාවතේ

කිසි උවදුරකට බිය නොමවන්නේ

මන්ද ඔබ මා සමඟ සිටින්නේ

සමිඳුනි ඔබ හට ස්තූති කරන්නේ

තෙලින් ඔබ මා ආලේප කෙරුවේ

මගෙ කුසලානය උතුරා ගැලුවේ

යහපත කරුණාව සියළු දිනේදී

සැබවින්ම මා පසුපස පැමිණේවී

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →