← Back to all songs
HYMN #B024

නව දවසක් ආ

Nava Dhavasak Aa

නව දවසක් ආ - පුබුදුව සමඟා

තුති දෙමු දෙව් තුමටා

සුවදෙන ගඟ අප හද මැදිනා

හඬ නගමින ගලනා

සමිඳුනි වෙනු සරණා

අප හට දෙනු කරුණා

පිරිසිදු දිවි ගෙවනා මෙනා

සමගින කිතු සුරනා

කිතු අපේ ජයමය

තොස වඩනා //

නව දවසක් ආ - අප සිත රැඳුනා

ඔබ තුළ මුළුමනිනා

සැඟවුනු දිවි ගෙවමුව නිතිනා

කිතු හිමි ඔසවමිනා

නව දවසක් ආ - කිතුපෙම සමඟා

පෙම අප වෙත මෙදිනා

යමු අපි වඳිනට රජිඳු මහා

මුතු දොරටුවෙන එහා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →