← Back to all songs
HYMN

නමදින්නට ආසයි ඔබගේ නාමේ

Namadhinnata Aasai Obagea Naamea

නමදින්නට ආසයි ඔබගේ නාමේ

ඔසවන්නට ආසයි ඔබගේ මහිමේ

මාගේ මුළු හදින් ඔබව අදහන්නම්

දෙවි සමිඳුනි

මගේ මුළු සිතින් ඔබව සොයන්නම්

මුවෙකු දිය දහරට ඇදෙනා සේ සමිඳේ

ඔබගේ බලයෙන් මා හදවත පුරවා

ගෙනයන් මා සමිඳේ

ඔබ මාගේ සවියයි, යේසුනි

ඔබ මාගේ සරණයි, ස්වාමිනි

ඔබ මට මග පෙන්වයි, ශුදතුනි

මා උසුලාගෙන යයි

මේ දිවි කතර පුරා...

නමදින්නට ආසයි ඔබගේ නාමේ...

මගේ මුළු සිතින් ඔබව සොයන්නම්...

ඔබ මාගේ සවියයි, යේසුනි... x 2

මේ දිවි කතර පුරා //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →