← Back to all songs
HYMN #B062

නමදිමු සැමා දිව්‍ය කුමරා

Namadhimu Samaa Dhivya Kumaraa

නත්තල් · Christmas

නමදිමු සැමා දිව්‍ය කුමරා

බැති සිතිනා පෙමිනා

නිසල් වූ රෑ සුරදූත සේනා

දුන්නේ ගොපළුන්ටා සුභ හසුනා

දෙව්පුත් බෙත්ලෙහෙමේ උපනා

උස්තැන්හි මහිමා

පුවත අසා ගොපළුන් තුටිනා

රැකවල් දා එහි ගොස් විගසා

ඒ ගවලෙනෙ උන් දෙව් බිළිඳා

නැමදා බැතිනා

අහසෙහි පෑ තරු දැක තොසිනා

පෙරදිගින් ආ ඒ රජු තිදෙනා

කුමරුන්ටා පඬුරු වටිනා

පිදුවෝ පෙමිනා

පින්වත් ඒ සැම ගිය ලෙසිනා

යමු අපි දැන් ඒ ගොහල කරා

සිත් පුදමුව අපි ඒ තුමටා

වඳිමු බැතිනා

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →