HYMN
අනර්ඝ සැලසුම
Anargha Salasuma
දෙවිදුනි ඔබ මට දැක්වූ ඒ ප්‍රේමය
සම කරන්න බෑ වෙන කිසිවක් හට
යේසුනි ඔබ මා වෙනුවෙන් කළ යාගය
සිදු කරන්න බෑ ලොව කිසි කෙනෙකුට //
විශ්වය මවන්නටත් පෙරසිට
මා ගැන තැබූ අනර්ඝ සැලසුම
මව් කුස මා සුරැකිව තැබූ ඔබ
ප්‍රේමය සමකරන්න බෑ කිසි ලෙස
ස්තූති, ඔබට ස්තුති, මා මුලු හදින් ඔබ නමදිමි
ස්තූති, ඔබට ස්තුති, මා දෑත ඔබ වෙත ඔසවමී
මැවිල්ලේ කතුවරයාණනි ඔබ තුළ
මා දරුවෙකු විය ඔබ පිය ලෙස
උරුමය මා හට දුන් දෙවි තුම
ස්තුති දෙමි මුළු හදවතින්ම සැම දින
ස්තූති, ඔබට ස්තුති, මා මුලු හදින් ඔබ නමදිමි
ස්තූති, ඔබට ස්තුති, මා දෑත ඔබ වෙත ඔසවමී ////
පද රචනය, තනු: ඩෙරික් දිසානායක
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →