← Back to all songs
HYMN #KG 388

සුවඳ සැවැන්දන

Suwanda Saewaendana

මරිය මව්නි · Blessed Virgin Mary

388 සුවද සැවැන්දන සුවද සැවැන්දන කුංකුම චන්දන ඈ හැම සුවද නෙළා කුරුඳු කඩා ගෙන සුවද ලාටු ගෙන මුසු කොට සුවද පළා පට පිළි ඇතිරිලි දමමින් සුඳු වැලි කඬු කළ කපුරු හළා මුතුකඬ ඇරගෙන ඔබ කැදවා එමු හඩවා මිහිරි නළා හේවිසි ගැට බෙර උඩැක්කි ඩෝලැකි මගුල් රබන් ගස්වා ලක්දිව වෙරළම වටකොට පොඩි මැටි පහන් පෙළක් දිස්වා ඔබ සරසන්නට පොරි හා මුසු කොට අහසින් තරු වස්වා මංගල තාලෙට අපි ඔබ අන්දමු රන්කෙදි සළ මස්වා

~ Singlish Lyrics ~

388 suwada saewaendana suwada saewaendana kungakuma chandana aee haema suwada nela kurundu kada gena suwada latu gena musu kota suwada pala pata pili aethirili damamin sundu waeli kandu kala kapuru hala muthukanda aeragena oba kaedawa emu hadawa mihiri nala hewisi gaeta bera udaekki dolaeki magul raban gaswa lakdiwa weralama watakota podi maeti pahan pelak diswa oba sarasannata pori ha musu kota ahasin tharu waswa mangagala thaleta api oba andamu rankedi sala maswa

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →