← Back to all songs
HYMN #B127

නැගිට්ටේය සමිඳුන්

Nagitteaya Saminndhun

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

නැගිට්ටේය සමිඳුන්

කියව් දෙව් සෙත් ලෝසතුන්

ජය ගෝසාවන් කරව්

සගත් පොළොවත් කියව් හලේලූයියා !

නිමයි මිදුම් වැඩය

ගති සටනෙන් ජය

අඳුරක් ඉතින් නැත

ලේ පිදීමකුත් නැත හලේලූයියා !

මරු පැරදුණේය

ක්‍රිස්තුස් ජය ගතිය

එතුම සොඳ ලෙසේ

ඇරියයි පාරාදීසේ හලේලූයියා !

අහෝ දැන් මරණය

තා ජය කිය කොයිද

මරණයේ කටුවත්

කියව කොහේද යත් හලේලූයියා !

අප හිමි ලෙසින්ම

අපිත් නැගිටිමින්ම

එතුම ගිය ලෙසේ

යමු සගය දෙසේ හලේලූයියා !

සග පොළෝ හිමිට

තුති දෙව් නැගිට්ටාට

වඳිමු එක්වී සැම

ජයට පත් නිසාම හලේලූයියා !

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →