← Back to all songs
HYMN #B381

මිතුරේ ඔබ හට වැදගත් වදනකි

Mithurea Oba Hata Vadhagath Vadhanaki

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

මිතුරේ ඔබ හට වැදගත් වදනකි

යේසුතුමා දැන් පවසන්නේ

දෙන්න එපා සිත ඔබ මේ ලෝකෙට

කියමින් එතුමා අමතන්නේ

කෙමෙන් කෙමෙන් දින හා සති ගත වෙයි

කෙමෙන් කෙමෙන් මාසද පසුවෙයි

කෙමෙන් කෙමෙන් අවුරුදුද ගෙවී යයි

ඒ අතරම මරණයද ළඟා වෙයි

අප සතු වස්තුව සොහොනින් නිම වෙයි

අප සතු ගෞරවයද නැති වෙයි

අප විඳිනා සැපතද නිමවී යයි

අප සතු මිළ මුදලද නැති වී යයි

මරණින් අපටැති සියල්ල නැති වෙයි

ඉන්පසු විනිශය දින ළං වෙයි

මේ ලොව අප කල සියළුම පව් ගැන

සමි හට පිළිතුරු දෙන්නට සිදු වෙයි

විනිශෙදි අපගේ සැම පව් හෙළි වෙයි

ගලවන්නට කිසිවෙකු නැතිවෙයි

එනිසා දුක්වී පව් ගැන ඔබගේ

කමාව ලබනු පමා නොවී හිමිගේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →