මහිමේ උස් මණ්ඩලේ
Mahime Us Mandale
සුදනන් හට මිහිපිටේ සන්හිදීම අයත් වේ
අපි ඔබ පසසන්නමෝ ඔබේ ගුණ ගයන්නමෝ
අපි ඔබ නමදින්නමෝ මහිම තෙද වනන්නමෝ
ඔබේ මහ මහිමය සදා අපි පින් දෙමු ඔබ පුදා
අහෝ සුර රදාණනේ සකල බලැති දෙවිඳුනේ
අහෝ ජේසු සමිඳුනේ දිනු එක් සුතාණනේ
දේව බැටළවාණනේ පිය සඳුන් සුතාණනේ
ලෝ පව හරුවාණනේ අපට දයා වුව මැනේ
ලෝ පව හරුවාණනේ යැඳුම.ප පිළි ගනු මනේ
පිය දකුණැ හිදින්නනේ අපට දයා වුව මනේ
ඔබම හේළිවන නිසා ඔබම සමිඳු වන නිසා
ජේසු කිතුනි ඔබමැ හා හේළි සුදත් සුරුඳු හා
දෙව සුරුපිය සඳුන් හා මහිමයෙන් උතුම ම හා
ඒ එසේමැ වේ.
~ Singlish Lyrics ~
sudanan hata mihipite sanhideema ayath we
api oba pasasannamo obe guna gayannamo
api oba namadinnamo mahima theda wanannamo
obe maha mahimaya sada api pin demu oba puda
aho sura radanane sakala balaethi dewindune
aho jesu samindune dinu ek suthanane
dewa baetalawanane piya sandun suthanane
lo pawa haruwanane apata daya wuwa maene
lo pawa haruwanane yaendumapa pili ganu mane
piya dakunae hidinnane apata daya wuwa mane
obama heliwana nisa obama samindu wana nisa
jesu kithuni obamae ha heli sudath surundu ha
dewa surupiya sandun ha mahimayen uthuma ma ha
e esemae we
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →